“නිවන මට ඕනෑ යයි සිතන්නාට එය නොලැබෙයි. අනුන් වෙනුවෙන් එය අත් හැර දුන්නාට ලැබෙයි.”
– වල්පොළ රාහුල හිමි (සත්‍යෝදය)
I. එළිපත්ත
ඔබ එළඹ ඇත, එළිපත්තට—
සැලි සැලී දිදුලන
තණ්හා, ආශා ගිනි දැල්
නිවි නිවී යන සලකුණු.
දිස්වේ මඳ එළියක්—
දිය මත පතිත සඳ කිරණ බඳු.
සෙවණාවක් මතුසේ
නොනිමෙන නිහැඬියාවක …
කල් සුවහස් කල්
ඔබ ආ ගමනේ
මෙය නොවේද
පරම පැතුම?
නොබැඳෙන, ගිලිහෙන,
නිසැල්සේ ඇදහෙන,
මමත්වය ඉගිලෙන—
ඔබ සමවැදුණු දැහැන.
අතවනයි, නුදුරින් සහ නිවන……
II. චකිතය
නමුත් ඔහු ඔබ ලඟ,
භව තරණයේ සෙවණාව බඳු,
ඔබ කලණ මිතුරු,
ඔබ සසර ගමනේ සහකරු.
ඔබ තුළ චකිතයක්…
“නිවන් සුව මට හිමි
වුවත්, ඔහු හට අහිමි,
තනිව ගමන මම නොයමි.
සසර එකට සැරිසැරුවෙමු
ගමන එකට නිම කරගෙනෙමු.”
සොඳුරු, සුහද වෙස් ගෙන
මාර පැමිණ එතනට
මුමුණයි ඔබ කනට,
“ඔබ නිවන ඔහු හට
දිය හැකිය හැම විට
නමුදු ඒ දුන් නිවන
ඔබට අහිමිය සදහට.”
නිවන් දොර අබියස
මෙයද අවසන් පරීක්ෂුව?
දැහැන බිඳේ එසැනින්
සැලලවූ ඔබ සිත
ඉවුරේ බිඳෙන රැළි ලෙසින්
ආත්මය කැළඹෙයි යලි යලි
ඔබට ඇවැසි සේ නිවන
වැළඳ ගනුද සොළොස
“තනිව යමි නිවන් මග
මිතුරා එයි මතු දිනක.”
මනස නම් දිය සුළිය
තුළ කැළඹවූ චකිතය.
සත්‍යයෙන් බැහැරවූ
මමත්වයෙන් තරවූ
පැටලුනු සිතුවිලි සමූහය.
ඉන් ඉක්බිතිව—
සිතුවිලි අතර පරතර
වැඩිවී ක්ෂෙමෙන් ක්ෂෙමෙන්,
අඩාලව කාලයේ ගමන්,
නිහැඬියාව රජයයි යලි.
III. විසිරීම
ඉක්බිති, සැක් සුදක් වන්
පැහැදිළි දැක්මක්.
පැවසීය ඔබ මිතුරා හට,
“ඔය නිවන නොලැබුනත් මට
ගියත් මා සැවෙන නිරයට
පුද මිටි සහ නිවන ඔබ හට.”
ඒ සැණින් ආත්මය විසිරුණි.
තණ්හාසේ ගිනි දැල් නිවිනි.
නිවන පතා එහි ඇලෙන්නා,
ආලෝකය නො දකී.
සියළු බැඳීම් අත්හල කල,
තුන් ලොව ජය නියතය.
නොවැසුණු නිවන් දොර,
ඔබ එනතුරු
බලා බලා සිටි දොරටුව,
විසිර යයි ආලෝකය සමඟින්.
එළඹ ඇත බෝධිය—
– Niranjan Selvadurai –


